Tuesday, October 03, 2023
Follow Us
බැසිල් ලංකාවට ආවේ පොහොට්ටුවේ අයට ඇමැතිකම් අරන් දෙන්න

බැසිල්ට ගිහින් වැන්දේ වහල්ලු බව හිරුණිකා කියයි


ඇමරිකාවේ සිට බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොදී සිටින ඇමැතිකම් ටික පොහොට්ටුවේ උදවියට අරන් දීමටයැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

රටේ ආර්ථිකය විනාශ කළ බැසිල් රාජපක්ෂ වැනි අයකුට දණ ගසා වැදීමෙන් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් වහල්ලු බව ඔප්පු කර තිබෙන බව ද ඇය කීවාය.

ඇය මේ බව සඳහන් කළේ මොරටුමුල්ල ලංකා සභා විද්‍යාලයේ ඊයේ (22 ) පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පලකරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙසේද කීවාය.

“රටේ ආර්ථිකය විනාශ කරපු අයකුට ආරක්ෂාව දෙනවා. මට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ ඒ අයගේ මානසික මට්ටම් අනුව ඒ අයගේ මිනිස්සු වැඩ කරනවා. නිකම් ගොමගොඩට අසූචි එකතු වෙනවා වගේ. එක අහන්න දෙයක් නැහැ. රට කාපු මනුස්සයට දණ ගහලා වඳින අය දැක්කම පුදුම වෙන්න දෙයක් නෑ. ඔවුන් වහල්ලු තමයි. තවදුරටත් මිනිස්සු ඒ අයගෙන් වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් මෝඩ විය යුතුයි.”යැයි ද සඳහන් කළාය.

Aruna