21 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේදී සිය ඇමැති තනතුරුවලින් ඉවත්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ රටේ තැලෙන පෑගෙන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කළ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කළේ ත්‍රස්තවාදීන් විසින් බවත්, ඔහු කළ වරද මේ රටේ දුගී දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් කැපවීම බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි පිළිබඳ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවීණ සිනමා නළුවෙකු සහ දේශපාලනඥයකු වන ජීවන් කුමාරතුංග මහතාගෙන් ද ප්‍රශ්න කර තිබේ.
පසුගිය මැයි 09 වනදා පැවති ගැටුම්කාරී තත්වය තුළ කිසියම් පිරිසක් විසින් පෙරළා දමනු ලැබූ තංගල්ල නගරයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව යළි ස්ථාපිත කර, විවෘත කිරීම ඊයේ (06) සිදුකෙරිණි.
පසුගිය නොවැම්බර් 02 වනදා පැවති උද්ඝෝෂණයට තමන් සහභාගී නොවූයේ එය අරමුණක් නැති, සංවිධානාත්මක නැති එකක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නැවතත් ඇමති සූදුව ආරම්භ වී ඇති බවත් මුදලට මන්ත්‍රීවරු බා ගැනීම ආරම්භ කර ඇති බවත් ජනතාව එළවපු රාජපක්ෂලා කියූ ආකාරයට ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු පත් කර ඇති බැවින් එවැනි දූෂිතයන් සමඟ කිසිදු දිනක සමගි ජන බලවේගය හෝ සමගි ජන බල සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු එකතු නොවන බවට විශ්වාසයෙන් කිව හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමහරු අපිත් එක්ක එකට හිට ගන්න බැරියැයි කියන බවත් විපක්ෂයේ හිඳිමිනුත් කෝටි ප්‍රකෝටි ගණනින් මේ රටේ සෞඛ්‍ය පද්ධතියට හුස්ම වැඩසටහන අරගෙන යන තමන් එක්ක ඒ අයට හිට ගන්න බැරි එක සාධාරණ බවත්, විපක්ෂයේ හිඳිමිනුත් මේ රටේ දුවා දරුවන්ට දුවාදරුවන්ට සක්වල හරහා අප්‍රමාණ සේවයක් කරන තමන් එක්ක හිටගන්න ඒ අයට බැරි එක සාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පළාත් පාලන ආයතන සදහා වූ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම හරහා මැතිවරණ කල් දැමීමට හැකියාවක් නොලැබෙන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන්ම වත්මන් පාලනය හමුවේ කරගෙන යාමට නොහැකි බවත් වත්මන් තත්වය තුළ අරගලය පියවරක් පසුපසට ගතයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
මාධ්‍යවල ඇතැමුන් කුමන පුවත් පළ කළ ද තමන් හෝ සමගි ජන බලවේගයේ වෙනත් කිසිවකු හෝ ආණ්ඩුවට එකතුවීමක් සිදු නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
කොට්ඨාශ මත පදනම්ව මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීමට ආණ්ඩව සූදානම් වන්නේ නම් කොට්ඨාශ නීර්ණය කිරීමේ අරමුණ කුමක්දැයි යළි ගැටලුවක් මතුවන බව පැෆරල් සංවිධානය පවසනවා.
කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්ද යන කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන රැස්වීම් මාලාවෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම තමන් සංවිධානය නොකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Page 95 of 553