කැසිනෝ ව්‍යාපාරයට තවත් බලපත්‍ර දෙන්නේ නම් නියාමන අධිකාරියක් ඇති කළ යුතු බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
රට කඩා වැටීමට බලපෑ හැකි තරමේ ආර්ථික අපරාධ සිදුවීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසනවා.
ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණයක් පැවැත්වීමට කාලය පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි. වරාය, නාවික හා ගුවන් සේවා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණෙනවා.
විශේෂයෙන්ම අපි යන්නේ ඉතාම අමාරු ගමනක්, අපේ රට දේශපාලන වශයෙන් නිදහසෙන් පස්සේ වසර 75ක් පිරෙන්න යනකොට රට ආර්ථික වශයෙන් කඩා වැටෙන තැනකට ඇවිල්ල තියෙනව. මෙන්න මෙහෙම ඉරණමක් ඉදිරියේ තමයි මේ බදුල්ලේ අපේ මේ මහා සම්මේලනය පවත්වන්නෙ.
පොහොට්ටුවේ අතකොලුවක් වූ වත්මන් ජනාධිපතිවරයාගේ විසඳුම වන්නේ අලාභ ලබන මෙන් ම ලාභ ලබන ආයතන ද විකිණීම බවත් ඒ සඳහා සමගි ජන බලවේගය කිසිඳු අවස්ථාවක ඉඩ නොදෙන බවත් මේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ සැබෑ දේශප්‍රේමීත්වයක් වුවත් වත්මන් රජය සිදු කරන්නේ රටේ සම්පත් කුණු කොල්ලයට විදෙස් රටවලට විකිණීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙරට ආගමන විගමන පාලකවරයා 2021 වසරේදී රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවන ලද ලිපියක් ඊයේ (05) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සභාගත කළේය.
ෆිච් රේටින් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය වර්ගීකරණය ඉතා අවධානම් මට්ටමක් ලෙස නම් කර ඇති බවත් මේ තත්ත්වය ගැන 2020 සිට විපක්ෂයක් ලෙස මතුකර සිටියත් එවක සිටි පාලකයන් එය විහිළුවට ලක් කරමින් රට නොමඟ යැවූ බවත්, මෙවැනි තත්ත්වයක් තුළ රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට එක්වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
රට මුහුණ පා ඇති වත්මන් අර්බුදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව රටේ සියලු ජනතාව ද වගකිව යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
The Government this week took the first step towards enacting legislation to control election expenditure with Justice Minister Wijeyadasa Rajapakshe issuing a relevant Bill in the Government Gazette. The Bill titled ‘Regulation of Election Expenditure’, will apply to Local Council, Provincial Council, parliamentary and presidential elections.
Page 89 of 556