Sunday, May 10, 2026
Follow Us
තමිල්නාඩු මහඇමති ධුරයේ විජේ දිවුරුම් දෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය තහවුරු කරගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දුන්නේය. 

ඊයේ (09) පස්වරුවේ ඉන්දියාවේ ලෝක් භවන් හිදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් විජේව තමිල්නාඩු නව මහ ඇමතිවරයා ලෙස පත් කළේ.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජය ගැනීමට ජෝෂප් විජේ සමත් වුවත් ඉන්දීය ප්‍රාන්ත බලය තහවුරු කරගැනීමට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට ඔහුට නොහැකි විය.

ඒ අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය, VCK පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේගේ TVK පක්ෂය සමග එක්වීමත් සමගින් ඔහුට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සම්පූර්ණ කරගත්තේය.