''මැයි පළමු වැනිදා යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය" මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපියක් බව එම පක්ෂය නිවේදනය කර තිබේ.
මෙවර මැයි පළමු වැනිදා යෙදී තිබෙන්නේ පසළොස්වක පොහොය දිනයේදී බැවින් එදිනට එවැනි මැයි දින සැමරුමක් එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ එක්ව පැවැත්වීමට මෙතෙක් තීරණය කර නොමැති බවද අදාළ නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.