- මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව යෝජනාවලියක් සකස් කිරීමට සංසදයේ අවධානය.
විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් මාර්තු මස 06 සහ 07 යන දිනවලදී පැවැත්වීමට විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය සැළසුම් කර ඇත.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2026.01.20 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) අනුග්‍රහය දක්වන මෙම වැඩමුළුව තුළ සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහ විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයින්ගේ අදහස් ලබාගෙන විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි වැඩසටහන් සැළසුම් කිරීම මූලික අරමුණ කරගෙන මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසීය.
පළාත් පාලන ආයතන තුළ කමිටු පිහිටුවීමේදී සිවිල් සමාජය නියෝජනය කරමින් සාමාජිකයින් එම කමිටු සඳහා පත්කිරීම සඳහා පවතින ප්‍රතිපාදන බලාත්මක කිරීම උදෙසා සංසදයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරමින් යන ආදර්ශ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාගෙන එය තවදුරටත් සාර්ථක කරගැනීමට සංසදය තීරණය කරන ලදී.
මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.