විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්යාවශ්ය සේවාවන් බවට පත් කරමින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (23) කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
මේ අනුව 1979 අංක 61 දරන අත්යාවශ්ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්රයේ ජනාධිපතිතුමා විසින් විසින් කරන ලද ප්රකාශනය මෙසේ විවාදයකින් තොරව හෙට අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.