සෞඛ්‍ය, ජනමාධ්ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2024 වසර සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2021 සහ 2023 වසර සඳහා ශ්රී ලංකා ත්රිපෝෂ සමාගමේ වාර්ෂික වාර්තා සැලකිල්ලට ගෙන අනුමත කරන ලදී.
එම කාරක සභාව (වෛද්ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම වාර්තා දෙක සාකච්ඡා කර අනුමත කිරීම සිදුවිය.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සලකා බලමින්, දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වන සහ ඒ අනුව විසඳන ලද ගැටලු ප්රමාණය හා ඊට අදාළව ගනු ලබන පියවර මාසිකව යාවත්කාලීන කිරීම සඳහා පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්යතාවය කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
2021 සහ 2023 වසර සඳහා ශ්රී ලංකා ත්රිපෝෂ සමාගමේ වාර්ෂික වාර්තා සළකා බැලීමේදී, ලෝක ආහාර වැඩසටහනෙහි අරමුදල් මගින් සපයනු ලබන සහ වියළන යන්ත්ර, සිසිලන පද්ධති ඇතුළු නවීන ගබඩා පහසුකම් මඟින් අමුද්රව්යවල සෞඛ්යාරක්ෂිත බව සහතික කිරීමට හැකිවනු ඇති බව ද නිලධාරීහූ ප්රකාශ කළහ.
ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන, නීතිඥ දයාසිරි ජයසේකර, අමිර්තනාදන් අඩෛක්කලනාදන්, වෛද්ය රාමනාදන් අර්චුනා, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්ය) එස්. ශ්රී බවානන්දරාජා යන මහත්ම මහත්මීහු කාරක සභා රැස්වීමට සහභාගී වූහ.