Saturday, March 14, 2026
Follow Us
උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් අනුමත කරයි

(ආචාර්ය) හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් 2025.08.21 දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.පී. සේනාධීර සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබේ.

එසේම හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස චන්දන දිසානායක මහතා පත් කිරීමට ද උසස් තනතුරු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.