ඉකුත්දා කොරෝනා වෛරසය ආසාදනය වු දේශපාලඥයින්ගෙන් සිව් දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නොසිටි බවට වාර්තා වනවා.
ඒ අතරට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අයත් බවයි වාර්තා වන්නේ. ඊට අමතරව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ද එම පිරිසට අයත්.
කොරෝනා වෛරසය ආසාදනය වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නොසිටි බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර මාස කිහිපයකට පසු යළිත් මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 1,056 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අතරට විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුද අයත් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
මෙරටින් මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ 10,103ක් වනවා. එහෙත් ඉන් පුද්ගලයින් පන් ලක්ෂ 78,051ක් මේ වන විට සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,632ක්. මෙරටින් මේ දක්වා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 15,420ක් වන බවද වසංත රෝග විද්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර අද දිනයේද කොරෝනා මර්දන එන්ත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඒ පිළිබඳ තොරතුරු සිය ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගත හැකි වනවා.
(Neth)