Sunday, September 06, 2026
Follow Us
 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය ජය ගත් රුමේෂ් තරංග

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්විය.

මෙවැනි ජයගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට වේ.

මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර් 89.04ක දුරක් විසි කරමින් මෙම දක්ෂතාව දැක්වීය.

මෙහිදී  පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු මීටර් 87.47ක දුරක් විසි කළ අතර තෙවන ස්ථානය දිනාගත් රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් මීටර් 83.99ක දුරක් විසි කළේය.