Tuesday, July 08, 2025
Follow Us
අනුර කුමාරට ප්‍රහාරයක්

සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ මහතා (30) පස්වරුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති සමුළුවකට සහභාගිවීම සදහා කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාව වෙත ගමන් ගනිමින් සිටි මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ලවී ඇත.

ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු එහිදී පාක්ෂිකයන්ගේ මැදිහත්වීමන් අල්ලාගෙන ඇති අතර, පසුව ඔවුන් පොලීසිය වෙත භාරදී තිබේ.
සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ එම ස්ථානයට පැමිණ තිබූ බවත්, සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් තිබේ.

(Aruna)