Thursday, January 01, 2026
Follow Us
පොහොට්ටුවේ ප්‍රධාන සුළු පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සුලු පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ පත්ව ඇති බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පවසනවා. එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්දැකීම් රැසකට මුහුණ දෙමින් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එලෙස චෝදනා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටලුවක් ඇත්නම් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කර විසදා ගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

(Neth)