Thursday, January 01, 2026
Follow Us
සතොස සේවක නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද දුන් නියෝගය


සතොස සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතුවලට යොදා ගැනීමේ චෝදනා මත හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා තිබූ නඩු 3කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කර තිබේ.

නඩු පැවරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම නිසි අනුමැතියකින් තොරව නඩු පවරා තිබීම හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමසම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු 05 ක් පවරා තිබූ අතර අමාත්‍යවරයා මහාධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඉන් නඩු දෙකකින් ඔහු නිදහස් විය.

(Aruna)