Tuesday, July 08, 2025
Follow Us
ධනුන තිලකරත්නගේ අක්‍රිය ගිණුම් සක්‍රිය කරයි

යුධ හමුදාවට භාණ්ඩ සැපයීමේ ටෙන්ඩර් ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ, පසුව එම චෝදනාවලින් නිදහස් වූ හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න මහතාට අයත් බැංකු ගිණුම් යළි සක්‍රිය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

2010 වසරේදී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග වැදීමෙන් අනතුරුව මෙම චෝදනා එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් අනතුරුව මෙසේ ධනුන තිලකරත්න මහතාට අයත් බැංකු ගිණුම් 7ක් තහනම් කෙරිණි.

2015 වසරේදී ධනුන තිලකරත්න මහතාව මෙම චෝදනාවලින් නිදහස් කෙරුණු නමුත් අදාළ බැංකු ගිණුම්වල තහනම ඉවත් කර තිබුණේ නැත.

කෙසේවෙතත් වත්මන් රජයේ ප්‍රබලයෙකුගේ ද මැදිහත් වීමෙන් මේ වනවිට එම බැංකු ගිණුම් යළි සක්‍රිය කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

(LNW)