Sunday, August 10, 2025
Follow Us

වසර 32කට පසු මෙරට තුළ ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

ඒ අනුව එම සමුළුව අගෝස්තු 12වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවත්, ඒ සඳහා තරුණ තරුණියන් 6000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට රට පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002 ක සංඛ්‍යාවෙන් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක Youth club පිහිටුවා අවසන් බවත්, ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලන සියල්ල පවත්වා අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Youth club පිහිටුවීම ආරම්භ කරන විට එතෙක් පිහිටුවා තිබූ තිබූ Youth club වලින් වැඩි‍ ප්‍රමාණය අක්‍රිය මට්ටමේ පැවති බවත්, දිස්ත්‍රික් සම්මේලන 6ක් පවත්වා නොමැති තත්ත්වයක් පැවැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න පැවසුවේ, මේ වන විට ජාතික සම්මේලනය සඳහා තේරී පත්ව සිටින තරුණ තරුණියන් 52 දෙනෙකු පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.