12 වන ලෝක ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (07) රාත්‍රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ.
ජවසම්පන්න බවින් යුත් තරුණ තරුණියන් සහ දරුවන් ද ඇතුළු 500 කට අධික රංගන ශිල්පීන් සජීවීව එක්වූ ඒක පුද්ගල නර්තනාංග සහ විනෝදජනක අංග රැසකින් එය සමන්විත විය. එමෙන්ම නර්තන ශිල්පීන් 500කට අධික පිරිසක් එක්ව W අකුරින් ලෝක ක්‍රීඩා උළෙලේ දැවැන්ත ලාංඡනයක් ද නිර්මාණය කළහ. මේ සියල්ල සමඟින් Chengdu නගරය ලොව රටවල් රැසකින් පැමිණි අමුත්තන් පිළිගනු ලැබීය.
12 වන ලෝක ක්‍රීඩා උළෙල ලබන 17වැනිදා දක්වා පැවැත්වේ.
ලෝක ක්‍රීඩා උළෙල යනු ඔලිම්පික් නොවන ඉසව් සඳහා වන,ඉහළම මට්ටමේ ජාත්‍යන්තර තරඟාවලියයි. එමෙන්ම චීන මහ ගොඩබිම ලෝක ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වූ පළමු අවස්ථාව ද මෙයයි. මෙවර ලෝක ක්‍රීඩා උළෙලේ දී තරඟ කාණ්ඩ 34ක් යටතේ ඉසව් 256ක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. චීන නියෝජිත කණ්ඩායම ප්‍රථම වරට තරඟ කාණ්ඩ 12කට සහභාගී වන අතර, මෘදු හොකී, කවපෙත්ත විසි කීරීම සහ මෝටර් බෝට්ටු යන තරඟ ඊට ඇතුළත් වේ.
Dinamina