2025 8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ආදිත්‍යා වැලිවත්ත සමත්ව තිබේ.
8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙකු සහභාගී වූ අතර යොවුන් රූ රැජිනියන් 24ක් පරදා කිරුල හිමි කරගැනීමට ඇය වාසනාවන්ත වුවාය.
මෙම ජයග්‍රහණයට පෙරම ඇය MISS & MISS TEEN TOURISM තරගයේදී හොදම ජාතික ඇදුමට හිමි සම්මානය දිනාගැනීමට ආදිත්‍යා වැලිවත්ත සමත් වුවාය. ඒ පත්තිනි දේව සංකල්පය ආශ්‍රයෙන් කළ නිර්මාණයකිනි.
වයස අවුරුදු 20ට අඩු ලෝකයේ රටවල් 25ක යොවුන් රූ රැජිනියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පිලිපීනයේ පැවැත්විණි.