ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පවසයි.
අයහපත් කාලගුණ තත්වයක් ඇතිවුවහොත් ඉන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සහ ඊට කල්තියා සූදානම්වීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙසේ වාර්තාවක් ලබාගත් බව ඔහු පවසයි.
මෙයට අමතරව හෙට (20) සිට පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර අයහපත් කාලගුණයෙන් සහ ආපදාවලින් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් මුහුණදීම සඳහා ඔරු සහ අගුල් සූදානම් කරන ලෙස මැතිවරණ කොම්ෂන් සභාව නාවික හමුදාවටද උපදෙස්දී ඇත.