Monday, May 20, 2024
Follow Us
ජලය මතුපිට සූර්ය පැනල මගින් විදුලිය මෙගාවොට් 2ක්

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2ක වැඩ අවසන් අදියරේ පවතී.

මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල, කිරිබ්බන් වැව මත ඉදි වේ. 

මෙම ව්‍යාපෘති දෙක කොරියානු රජයේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යංශයේ කොරියානු තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත සහ යූෂින් එන්ජිනියරින්, බෝසන් පවර්ටෙක් සහ ස්කොට්‍රා සමාගම්වල තාක්ෂණික සහ ඉදිකිරීම් සහය මත ක්‍රියාත්මකයි.

මෙම ව්‍යාපෘතිය 2023 වසරේ ආරම්භ වූ අතර 2024 ජුලි මස වැඩ නිම කිරීමට බලාපොරොත්තු වේ.