Thursday, February 12, 2026
Follow Us
ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ඉන්දිකට පදක්කමක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉන්දික ගමගේ අද (20) සමත්විය.

 ඒ T44 පිරිමි මීටර් 100 ඉසව්වෙනි.

 ඉසව්ව තත්පර 11.83කින් නිම කළ ඉන්දික ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

රන් පදක්කම දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු සහ රිදී පදක්කම මැලේසියා ක්‍රීඩකයෙකු විසින් ද දිනා ගනු ලැබීය.

මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.

Aruna