ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා , මානව හිමිකම් , සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගෙනහැර දැක්වීය.
ඒ අනුව අමාත්‍යවරයා සිය දේශනයේදී , මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළ අතර රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා 2024 මැතිවරණයෙන් පසු බලයට පත් වූ නව රජයේ උපායමාර්ග ඉස්මතු කළේය.
දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - කොරියානු ජනරජ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා (18) තේරී පත් විය.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය (Dewi Gustina Tobing )අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදු විය.
ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ සංවර්ධනය සඳහා සහය ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පතුරුවාලූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම එම තීරණය දැනුම් දී තිබේ.
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි වී සිටී.
8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16), ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුව තිබේ.
Page 20 of 376
















