Monday, October 13, 2025
Follow Us
ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) අද (13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය.

 

අද (13) සිට (15) වන දින දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන මෙම 78 වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්රී ලංකාව විසින් සපයනු ලබයි.
 
ප්රාථමික සෞඛ්ය සේවා හරහා සෞඛ්ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මෙම කලාපීය කමිටු සැසියේ දී කලාපීය සෞඛ්ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්රධාන ප්රමුඛතා වේ.
 
ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්රෙයිසස් (Dr. Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්ය කැතරිනා බොහ්මේ යන මහත්ම මහත්මීන් ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්ය අමාත්යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් තානාපතිවරු ද, අනෙකුත් ලෝක සෞඛ්ය සංවිධානයේ විශේෂඥයින්ගේ ද සහභාගීත්වයෙන් මෙම සැසිය පැවැත්වෙන අතර ඔවුන් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්ය න්යාය පත්රය ද මෙහි දී සකස් කරනු ඇත.
 
මෙම කලාපීය සමුළුවේ දී ප්රමුඛ සෞඛ්ය ගැටලු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමත්, පෙර වසරවල යෝජනාවල ප්රගතිය සමාලෝචනය කිරීමත් සිදුවන අතර, සියලු ජනතාවගේ සෞඛ්ය හා යහපැවැත්ම ප්රවර්ධනය කිරීම, සැපයීම සහ ආරක්ෂා කිරීම සහ සෞඛ්ය ආශ්රිත තිරසාර සංවර්ධන ඉලක්ක නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග නැවත පණ ගැන්වීම ද සිදු වේ.
 
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස, කථානායක ජගත් වික්රමරත්න, ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්රෙයිසස් (Dr. Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්ය කැතරිනා බොහ්මේ, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් සමාරම්භක උත්සව සභාව අමතමින් අදහස් දැක් වූහ.