ශ්‍රී ලංකා – ඉන්දියානු ආර්ථික සබඳතා උපායමාර්ගික තලයකට නැංවීම සඳහා තෙරපුම් ක්ෂේත්‍ර අට සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අවධාරණය කරයි
වනසත්ව උද්ඝෝෂකයන් රැසක්උසාවි වාරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු නෝර්වේ රාජ්‍යයේ වෘකයන් දඩයම් කිරීම නවතා දමා ඇත.
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානය වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි වුණා.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අමෙරිකාවට ප්‍රබල චෝදනාවක් එල්ල කර තිබෙනවා.
2017 වසරෙන් පසු තමන් අත්හදා බැලූ වඩාත් ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත්අහදා බැලූ බව උතුරු කොරියාව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.
සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඕමානයේ පැවැති ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ලෝක කණ්ඩායම හෙවෙත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 28 වැනි සිකුරාදා දින කොළඹ දී තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය මෙව්ලුට් චවුෂෝලු මැතිතුමා සමඟ පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවත්නා ‘උණුසුම්, සුහදශීලී සහ අන්‍යෝන්‍ය සහයෝගිතාවයෙන් යුත් හවුල්කාරිත්වය’ පිළිබඳව අවධාරණය කළේ ය. මෙහිදී “Asia New Initiative” රාමුව තුළ ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් පැවැත්වීම සඳහා තුර්කිය පළ කළ කැමැත්ත අමාත්‍ය පීරිස් මැතිතුමාගේ අවධානයට යොමු විය. ‘මිත්‍රශීලී මෙන්ම වටිනා හවුල්කරුවෙකු’ වන ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීමේ දී තුර්කිය විසින් ඒ සඳහා ලබා දී ඇති වැදගත්කම තුර්කි විදේශ අමාත්‍ය චවුෂෝලු මැතිතුමා විසින් අවධාරණය කරන ලදී.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, නැගෙනහිර යුරෝපය තුළ රැඳී සිටින NATO හමුදා ඛණ්ඩය ශක්තිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් ඇමරිකානු සොල්දාදුවන් නැගෙනහිර යුරෝපයට යැවීමට අපේක්ෂා කරයි.යුක්රේන දේශසීමාව අසල රුසියාව විසින් භටයන් ස්ථානගත කිරීමත් සමග මෙම තත්වය උද්ගත ව ඇත. තමන් යුක්රේනය ආක්‍රමණය කිරීමට අදහස් නොකරන බව පුටින් නැවත නැවතත් කියා ඇති නමුත්, පවත්නා තත්වය අනුව යුක්රේනය විසින් NATO හමුදාවේ සහාය ඉල්ලා තිබේ. කෙසේ වෙතත් යුක්රේන හමුදාව සහ NATO හමුදාව එක්ව සටන් නොකරන බවට ප්‍රතිඥාවක් ද පවතියි.
මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මාලේ හි පිහිටි විදේශ අමාත්‍යංශය වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් පිළිගන්වයි
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවට ලෝක නායකයින් අධිතක්සේරුවකින් කටයුතු කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙන්ස්කි පවසනවා.
Page 167 of 374