Saturday, July 05, 2025
Follow Us
පුටින්ගේ දරුවන්ටත් අමෙරිකාවෙන් සම්බාධක

රුසියාව ඉලක්ක කර අමෙරිකාව විසින් තවදුරටත් සම්බාධක පනවමින් සිටිනවා. ඒ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිවයි. ඒ අනුව මේනවිටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එරට රජයේ ඉහළ පෙළේ නිළධාරීන්ට මෙන්ම රුසියාවේ කෝටිපති ව්‍යාපාරිකයින්ට එරෙහිව ද අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබෙනවා.

කෙසේවෙතත් මේවනවිට අමෙරිකාව, රුසියානු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව ද සම්බාධක පනවමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනෙකුට අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළා.

එම දෙදෙනා රුසියානු ජනාධිපතිවරයාගේ වැඩිමහල් දරුවන් වන බැවින් ඔවුන්ට හිමිකම් පවතින අමෙරිකාවේ ඇති වත්කම් තහනම් කර ඇති බවයි අමෙරිකාව පවසා ඇත්තේ.

(NEth)