Saturday, July 05, 2025
Follow Us
නවසීලන්ත අගමැතිනිය ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කියයි

මෙම තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්තය අවධානයෙන්


ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා.

ඇය කියා සිටියේ නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ තත්ත්වයට මූලික හේතුව බවයි.

උද්ධමනය ඉහළ යාම සහ ආහාර හිඟය ජනතා උද්ඝෝෂණවලට මූලික හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්තය අවධානයෙන් පසුවන බව කියා සිටි අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළේ සියලු දෙනා එකතු වී මෙම තත්ත්වයට විසඳුම් සෙවිය යුතු බවයි.

(Aruna)