US: A team of American doctors has performed groundbreaking brain surgery on a baby who is still in the womb to treat a rare blood vessel abnormality inside the brain, according to CNN.
යුරෝපයේ රටවල් රැසක ජීවත්වන ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාගේ හා විදේශීය භික්ෂුන් වහන්සේලාගෙන් මෙන්ම එම රටවල ජීවත්වන බෞද්ධ හා වෙනත් ආගමිකයන්ගේ සහභාගිත්වයෙන් බොදු මහා සඟ සමුළුවක් මැයි 12 සිට 14 දක්වා ඔස්ට්‍රියාවේ වියානාහි ඥානපූරක විහාරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි එම සමුළුවේ සංවිධායක මහාචාර්ය විජයරාජපුර ශීලවංශ නාහිමියෝ පැවසූහ.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.
සුඩානයේ ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු මුදාගෙන තිබේන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.
දින පහක් පුරා ඉන්දියාවේ ප්‍රධාන නගර ත්‍රිත්වයක (චෙන්නායි ,cochin හා බැංගලෝරයේදී )පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැන්න අති සාර්ථක ලෙස cochin නගරයේ Le Meridian හෝටලයේදී පැවැත්විණි.
ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා ඊයේ (03) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
රුසියාව හා ශ්‍රී ලංකාව අතර වෛද්‍ය සිසුන් හුවමාරුවකට අදාළ සාකච්ජාවක් ඊයේ (02) , රුසියාවේ Kursk State වෛද්‍ය විද්‍යාලයේ දූත පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර පැවැත්විණි.
Foreign Minister Ali Sabry will leave for South Korea to attend the 56th Annual Meeting of the Board of Governors of the Asian Development Bank (ADB), scheduled to be held from 2-5 May 2023, representing President Ranil Wickemesinghe.
එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව පරමාදර්ශී ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අත්වැල් බැඳගෙන සිටි.
යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.
ඉරාන ජනරජය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1.8 ක ට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.ඉරාන තානාපති හෂීම් අෂීද් (Hashem Ashjazadeh) මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේ දී භාර දීම සිදු විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ ( 01) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ.
ඇමරිකා එක්සත් ජනපදය අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මත පැනවූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.
"2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ කරයි.
මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත පළ කරන ලදී.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඇමරිකා එක්සත් ජනපදය, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සාකල්‍ය ප්‍රවේශයට අවාසිදායක බලපෑමක් එල්ල කරයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහ ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය මධ්‍යයේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම ද අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධාන කටයුතු සිදු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරනු ඇත."
විදේශ කටයුතු අමාත්‍යංශය
Page 82 of 380