Monday, June 01, 2026
Follow Us
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ මුදල් රාජ්‍ය ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

සිය ධුර කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට කළ කැපවීමට කෘතඥ වන බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.