Friday, May 03, 2024
Follow Us
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක ණයක්

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 128.6 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම ණය මුදල හරහා සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ප්‍රතිලාභ අත්වන බවයි.

දැනට අනුගමනය කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලෝක බැංකුව පැහැදීමෙන් සිටින අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ඉදිරියේදීද කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම ණය ආධාර මුදල් ආසාදිතයන් හඳුනා ගැනීම සහ රසායනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යෙදවෙනු ඇත. ඒ යටතේ කොවිඩ් 19 රෝගීන් ප්‍රතිකාර ලබන IDH රෝහල ඇතුළු ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම හා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාර පහසුකම් ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ.

ලෝක බැංකුවේ මෙම වැඩපිළිවෙල යටතේ ඉන්දියාවට ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබාදීමට නියමිතය.

(LNW)