Friday, May 03, 2024
Follow Us
ඇමරිකානු අයවැයෙන් අපිට ඩොලර් මිලියන 39 ක්

ඉදිරි වර්ෂය සඳහා ඇමරිකානු රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 39.2 ක මුදලක් වෙන්කිරීමට යෝජනා කර තිබෙනවා. පසුගිය වසර හා සැසඳීමේදී මෙවර ‍ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කරන මුදල රුපියල් බිලියන 12 කින් වැඩිකර තිබෙනවා.

ජාත්‍යන්තර සහයෝගීතා කටයුතු වෙනුවෙන් ඇමරිකානු එක්සත් ජනපදය සිය වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කරන අතර ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය‍ ලේඛනයෙන් ඒ සඳහා වෙන්කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 41 කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කළ මුදල්වලින් ත්‍රස්ත මර්දන කටයුතු, බිම් බෝම්බ ඉවත් කිරීම් සහ අවිහරණ කටයුතු වෙනුවෙන් වෙන්කර ඇති මුදල ඩොලර් මිලියන 08 කි. එය පසුගිය වසර සමග සැසඳීමේදී මිලියන 03 ක වැඩිවීමක් වේ.

මීට අමතරව ජාත්‍යන්තර යුදමය අධ්‍යාපන සහ පුහුණු කටයුතු වෙනුවෙන් ඩොලර් ලක්ෂ 9 ක්ද, දේශසීමා ආරක්ෂණය සඳහා ඩොලර් 380,000 ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර තිබෙනවා.

(LNW)