හෝමූස් සමුද්ර සන්ධිය අමෙරිකානු හමුදාවන්ගේ “සම්පූර්ණ පාලනය” යටතේ පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
මේ අතර, අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ඉරාන වරායක් වෙත ගමන් කිරීමට උත්සාහ කළ පැනමා කොඩිය යටතේ ධාවනය වූ භාණ්ඩ ප්රවාහන නෞකාවක් වෙත මිසයිල දෙකක් එල්ල කරමින් අමෙරිකානු හමුදා විසින් එහි සුක්කානම් යාන්ත්රණය අක්රීය කර තිබෙන බවයි වාර්තා වන්නේ.