Monday, August 03, 2026
Follow Us
ඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නක් - 5ක් ජීවිතක්ෂයට

පුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් එරට මුහුදු සීමාවේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බවත් එහිදී පුදගයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම තවත් 41 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන නැගෙනහිර ජාවා හි සුරබයා සිට දකුණු සුලවේසි හි මකසාර් බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව, ගිනිගැනීමට ලක්ව ඇත්තේ මධුර දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදීය.

අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.