Sunday, April 28, 2024
Follow Us
මැලේසියාවේ සෑම ප්‍රාන්තයකම කොටි ශාඛා… බඳවා ගැනීමට හා ප්‍රවර්ධනයට විශාල මුදලක්…අත්අඩංගුවට ගත් කොටි 12 දෙනා සියල්ල වමාරයි

කොටි සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමට සහ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් හුවමාරු වී ඇති බව පසුගිය අවස්ථා දෙකකදී මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කොටි සංවිධාන සාමාජිකයන්ගෙන් හෙළිකර ගෙන තිබේ.

පසුගිය 10 දින හා 12 දින මැලේසියානු පොලිසිය මගින් කොටි සාමාජිකයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී ඒ බව හෙළි වී ඇතැයි මැලේසියානු පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස විශේෂ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩකුන් අයෝබ් ඛාන් මයිඩින් පිට්වේ පවසයි.

ගනුදෙනුවල සත්‍ය මුදල විස්තර කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා ඇත්​තේ මැලේසියාවේ සෑම ප්‍රාන්තයකම කොටි සංවිධානයේ ශාඛා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන පරීක්ෂා කිරීමේදී කොටි නායකයන්ගේ ඡායාරූප, පෝස්ටර්, කොඩි සහ මුදල් ගනුදෙනු පිළිබඳ විස්තර හෙළිකර ගැනීමට හැකිව ඇත. සැකකරුවන් දෙදෙනකු එරට තුළ තනි පුද්ගල ප්‍රහාරයක් එල්ල කිරීමටද සැලසුම් කර ඇති බව හෙළිකර ගෙන ඇත.

(Lanka Leads)