Friday, October 18, 2024
Follow Us
එ. ජා. සංවිධානයෙන් 58 වැනි සේනාංකයට කැකිල්ලේ තීන්දුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 58 වැනි සේනාංකය යුද අපරාධ සිදුකළ බවට වරදකරු කර ඇත.

හොර රහසේ පරීක්ෂණයක් පවත්වා මෙසේ වරදකරුවන් කර තිබේ. මේ හොර රහසේ පැවැත්වූ පරීක්ෂණය සිදුවී ඇත්තේ ඒකපාර්ෂිකවය.

ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන අධ්‍යක්ෂවරයකු වූ ද්‍රවිඩ ඩට්ටර්ගුනි මේ තොරතුරු අනාවරණය කර ඇත. ඔවුන් රහස් පරීක්ෂණයක් පවත්වන බවට එක්සත්

ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකා රජයට දැනුම් දී නැත.

මෙම පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස සාක්ෂි ලබාදී ඇත්තේ පිට රටවල්වල සිටින කොටි කි‍්‍රයාකාරීන් පිරිසකි.

2015 වසරේ මේ රහසිගත පරීක්ෂණය පවත්වා තිබේ. මෙම 58 වැනි සේනාංකය භාරව සිටියේ එවකට

බි‍්‍රගේඩියර්වරයකු ලෙස සේවය කළ වත්මන් හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

Divaina