Friday, October 18, 2024
Follow Us
අමෙරිකානු නියෝජිතයින් තොණ්ඩමන් හමු වී විශේෂ සාකච්ඡාවක

මෙරට අමෙරිකානු නියෝජ්‍ය තානාපති මාටින් ඩී කේලි සහ ලංකා කම්කරු කොග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගන් තොණ්ඩමන් අතර විශේෂ සකාච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණ සමාජ ශාලාවේදී පවත්වා තිබෙනවා.

රටේ පවතින වත්මන් දේශාපලන තත්ත්වය, ජනාධිපතිවරණය සහ වතුකරයේ ජනතාවට බලපාන ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත් වු බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය අංශය පැවසුවේ.

මෙරට අමෙරිකානු තානාපති කාර්යයාලයේ ආරාධනාවක් අනුව තොණ්ඩමන් එම සාකච්ඡාවට සහභාගී වු බවත්, පැයකට ආසන්න කාලයක් දෙපාර්ශ්වය අතර සාකච්ඡාව පැවැත්වුණු බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය අංශය කියා සිටියා.

මෙම සාකච්ඡාවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව පලාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්.රාජ දොරෙයි ඇතුළු මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් රැසක් සහභාගි වී තිබෙනවා.

(Neth)