Wednesday, January 14, 2026
Follow Us
සුරූපී නිළියකගේ සිරුර ගෝනියක

ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ රියදුරු පොලිස් අත්අඩංගුවට


සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස හමුවී ඇත්තේ රයිමා ඉස්ලාම් ෂයිමු නමැති 45 හැවිරිදි බංග්ලාදේශයේ සුරූපී නිළිය මළ සිරුරයි.

ඇය පසුගිය 16 වැනිදා අතුරුදන් බවට ඇගේ සැමියා විසින් පොලීසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පොලීසිය රයිමා සොයා විමර්ශන ආරම්භ කළ අතර, එහිදී ඇගේ සිරුර ඩකා හි කේරනිගන්ජ් පාලම අසල තිබී සොයාගෙන ඇත.
බංග්ලාදේශ ආරක්ෂක අංශ සැකපළකරන්නේ මෙම ඝාතනය ඉරිදා දින සිදුකර ඉන් අනතුරුව එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි.

රයිමා ඉස්ලාම් ෂයිමුගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ රියදුරු පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

ඇය මේ වන විට රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 25කි.

(Aruna)