Wednesday, January 14, 2026
Follow Us
ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් මිට සුළු මොහොතකට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් අනුමත කරනු ලැබූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල නෙත් නිවුස් වෙත තහවුරු කරනු ලැබුවා.

මෙම ණය මුදල සඳහා වන ගිවිසුම ඉදිරි දිනවලදී අත්සන් කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාවට මාසික ඉන්ධන සැපයුම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350ක් අවශ්‍ය වනවා.

(Neth)