Wednesday, January 14, 2026
Follow Us
ඇෆ්ගනිස්තානයේ භූකම්පන දෙකක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පන දෙකක් සිදුව තිබෙනවා. වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 22 ක්.

රිච්ටර් මාපාංක ඒකක 4 යි දශම 9 ක් සහ 5 යි දශම 3 ක භූකම්පන දෙකක් මෙලෙස සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එකිනෙකට ආසන්න ප්‍රදේශ දෙකක එම භූකම්පන සිදුව ඇත්තේ පැය දෙකක කාලයක් තුළයි. භූකම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 700 කට අධිකයි.

භූකම්පන සිදුව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ දුගී ජනතාව ජීවත්වන ප්‍රදේශයක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(Neth)