Sunday, July 13, 2025
Follow Us
නොවැක් නොනැවතී කොවිඩ්වලට පරදින ලකුණු

කොවිඩ් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට අනුකූලව හැසිරුණු බව පෙන්නන්නට සාවද්‍ය කරුණු ඉදිරිපත් කළ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජාකොවික් යළිත් ඒ ආකාරයේම ගැටළුවකට මුහුණ දී ඇත.ඒ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ද තරගකරුවන්ට කොවිඩ් එන්නත එන්නත් කර තිබීම අනිවාර්ය කොන්දේසියක් කර තිබෙන නිසාය.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිබද විශ්වාසයක් නොදක්වන ජාකොවික් එය කිහිප අවස්ථාවකදීම විවේචනය කර ඇත.ඔහුට කොවිඩ් වැළදුණද ඒ තත්ත්වයේ වෙනසක් නැත.ප්‍රතිපත්තිමය වශයෙන් ඔහුගේ තීරණය ගැන කිසිවක් පැවසීම අපහසු වුව ද,ඔහු ඕස්ට්‍රේලියාවට ඇතුල්වීම සඳහා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඔප්පුවීම නිසා විශාල ලෙස අප්‍රසාදයය පත් විය.

(LNW)