Sunday, July 13, 2025
Follow Us
ඉන්දීය අගමැතිගේ මැතිවරණ වැඩට ගිය මැණිකේ

භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ තේමා ගීතය


ලොවක් අමන්දානන්දයට පත් කළ යොහානි ද සිල්වා ගායනා කරන, “මැණිකේ මගේ හිතේ” ගීතයට ලොව පුරා ඇති ඉල්ලුම තවමත් එලෙසමයි.

ඊට කදිම සාක්ෂියක් අපට අසල්වැසි ඉන්දියාවෙන් යළිත් හමුවුණි.

එරට පාලක භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ තේමා ගීතයත් මෙවර නිර්මාණය වී ඇත්තේ “මැණිකේ මගේ හිතේ” අනුවාදනයෙනි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ මැතිවරණය නුදුරේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්ෂයත් මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ එහි ජයග්‍රහණය වෙනුවෙනි.

මැතිවරණ ප්‍රචාරණ වෙනුවෙන් නිර්මාණය වුණු පක්ෂ තේමා ගීතය පසුගියදා එළිදැක්වුණි.

ගීතය නිර්මාණය වී තිබුණේ ශ්‍රී ලාංකේය නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන, ලොවක් කැලඹූ මැණිකේ මගේ හිතේ තනුවටය.

පසුගිය වසරේදී නිකුත් වුණු මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ දැවැන්ත ජනප්‍රියත්වයක් අත්පත් කරගත් අතර, එම ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 200 ද මේ වන විට අභිබවා ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තවමත් අඩු නොවූ ජනප්‍රියත්වය හේතුවෙන්ම එම ගීතය මෝදිගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බව

(Aruna)