Sunday, July 13, 2025
Follow Us
ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ශ්‍රී ලංකාව පහත දමයි

S&P ශ්‍රේණිගත කිරීම පහත දැමීම ගැන මහ බැංකුවෙන් පිළිතුරු


ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘CCC’ දක්වා පහත දමා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ ජනවාරි 18 වනදා කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීමට කටයුතු සූදානම් කිරීම මධ්‍යයේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම නුසුදුසුය බවය.

මේ අතර මීට පෙර විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් “Fitch Ratings” අනතුරු ඇඟවීමක් සිදු කළේය.

ඒ අනුව “ෆිච් රේටින්ස්” විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමා තිබුණි.

(Aruna)