Tuesday, January 13, 2026
Follow Us
හංගේරියානු විදේශ ඇමති මෙරටට

එක් දින නිල සංචාරයක් සඳහා පැමිණෙයි

හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔහු සමග දූත පිරිස ලෙස තවත් 20 දෙනෙකු ද එම ගුවන් යානයෙන්ම පැමිණ ඇති අතර ඔවුන් හංගේරියාවට අයත් ඩබ්ලිව්.ඉසෙඩ්.ඉසෙඩ්.- 504 (W.Z.Z.- 504) දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 04.42 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවට වාර්තා වනවා.

මෙම පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

හංගේරියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය අද දිනම නිමා කර පස්වරු 04.30 ආපසු පිටත්ව යාමට නියමිතයි.

(Aruna)