Tuesday, January 13, 2026
Follow Us
වෙළෙඳපොළට එන ස්මාර්ට් ගිනි අවිය

ස්මාර්ට් පිස්තෝලයක් එළි දක්වයි


නියම හිමිකරුට (verified user) පමණක් ක්‍රියාත්මක කළ හැකි ස්මාර්ට් ගිනි අවියක් අමෙරිකානු සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව LodeStar Works නම් සමාගම (11) මිලි මීටර් 9 ස්මාර්ට් පිස්තෝලයක් එළි දක්වා තිබේ.

වසර විස්සක පමණ සමාජ කතිකාවක් නිමාකරමින් නුදුරේදීම එම ගිනි අවිය වෙළෙඳපොළට නිකුත් කෙරෙතැයි වාර්තා පළ වෙයි.

මෙම ගිනි අවිය නිෂ්පාදනය සඳහා යොමු වූයේ ළමුන් අතින් සිදුවන ගිනි අවි අනතුරු ගැන නිතර ඇසීමට ලැබීමෙන් පසුව බව LodeStar සමාගමේ සම-නිර්මාතෘ ගැරත් ග්ලේසර් පැවසුවේය.

ස්මාර්ට් ගිනි අවියේ විශේෂත්වය වන්නේ එම අවියේ සත්‍ය හිමිකරුගේ තොරතුරු ඊට ඇතුළත් කළ හැකි වීමය. ඒ හේතුවෙන් වෙනත් පුද්ගලයින්ට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොලැබෙයි.

(Aruna)