Tuesday, January 13, 2026
Follow Us
චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127 ක වෛද්‍ය උපකරණ

චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127 ක වෛද්‍ය උපකරණ ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම වෛද්‍ය උපකරණ තොගය ලබා දීමට චීන රජය කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.

එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

(Neth)