Friday, March 29, 2024
Follow Us
ශ්‍රී ලාංකිකයන්ට ලිබියාවේ රැකියා අවස්ථා

රට රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්


ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සදහා ලිබියාවේ රැකියා අවස්ථාවන් ලබාගත හැකි බව මෙරට ලිබියානු තානාපති කාර්යාලය පවසයි.

එහි කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් මේ බව පැසුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසංහ මහතා අද එම කාර්යාංශයේදී හමුවුනු අවස්ථාවේදියි.

එහිදී එසාම් ඩ්‍රයාග් මහතා සදහන් කළේ මේ වන විට ලිබියානු ආර්ථිකය ඉහළ ස්ථාවරතාවයකට පත්ව ඇති අතර, රටතුළ දේශපාලන ස්ථාවරත්වයත් ඇතිවී තිබෙන බැවින් ලිබියානු රජය සමග ශ්‍රී ලංකාව ගිවිසුම අත්සන් කර ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සදහා එරට රැකියා අවස්ථාවන් ලබාගත හැකි බවයි.
මෙම අවස්ථාව ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා පැවසීය.

(Aruna)