Wednesday, April 24, 2024
Follow Us
මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවතට

මෙරට රාජ්‍ය බැංකුවක් සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ගත් තීරණය


කොළඹ චීන තානාපති කාර්යාලය විසින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

2021 ඔක්තෝබර් මසදි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් එම බැංකුව අසාදුගත කළේය.

චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සදහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් හේතුවෙනි.
චීනයේ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සදහා ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේද මහජන බැංකුව හරහාය.

අනතුරුව එම සමාගමට ඩොලර් මිලියන 6.9ක් වන්දි ලෙස ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කළේය.

(Aruna)