Tuesday, January 13, 2026
Follow Us
චීනයෙන් රුපියල් බිලියන 25ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25 යි දශම 5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට චීනය තී්රණය කර තිබෙනවා. ඒ, ව්‍යාපෘති 4ක් වෙනුවෙන්.

කොළඹ සිටින අඩු ආදායම්ලාභීන් සඳහා අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අලුත්වැඩියාව සහ වකුගඩු රෝගීන් හඳුනාගැනීම පහසු කිරීමේ උපාංග සහිත ගිලන් රථ සැපයීම, අදාළ ගිවිසුම් අතරට අයත්.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැවසුවේ.

(Neth)