Saturday, April 27, 2024
Follow Us
ඔමික්‍රෝන් නිසා ඉන්දියාවත් අසීරු අඩියක

ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව මේවනවිට අර්බුදකාරීත්වයකට මුහුණ පාමින් සිටිනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ ප්‍රාන්තවලින් දෛනිකව වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි.

ඒ අනුව මාස 07 කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ 47, 814 ක්. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් ඉන්දියාවෙන් ලක්ෂයකට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ දෙවන දිනය ඊයේ දිනයයි.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඊයේ දිනයේදී එම ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයින් 41,000 ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී රෝහල් තුළ ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම වැඩිවුවහොත් හෝ කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල් ඇඳන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුවුවහොත් ප්‍රාන්තය අගුලු දැමීම පිළිබඳ සලකා බලන බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ.

(Neth)