Tuesday, January 13, 2026
Follow Us
චීන විදේශ ඇමති අද ජනපති හා අගමැති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වෑන් යී අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම චීන විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරුවේ කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වනවා.

එහි පැවැත්වෙන උත්සවයකට ද අග්‍රාමාතයවරයා සහ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී එක්වීමට නිමිතයි.

කොළඹ වරාය නගරයේ මහජනයා සඳහා වෙන්කෙරුණු පොදු මංතීරුවේ කොටසක් මෙහිදී විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

චින විදේශ අමාත්‍ය වෑන් යී, මෙරට දෙදින නිල සංචාරයකට එක්වන්නේ චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65 ක් පිරීම නිමිත්තෙන්.

(Neth)