Thursday, April 25, 2024
Follow Us
ඕස්ට්‍රේලියාවෙත් දෛනික කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඕස්ට්‍රේලියාවෙන් ද මේවනවිට වාර්තාගත දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වනවා.

විදෙස් වාර්තා පැවසුවේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසුව ඕස්ට්‍රේලියාවෙන් ඊයේ පළමුවරට ලක්ෂය ඉක්මවා දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වූ බවයි.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ඔස්ටේ්‍රලියාවෙන් කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 16,025 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් ලක්ෂයකට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන්.

එළඹෙන 17 වනදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද වික්ටෝරියා ප්‍රාන්තයට අයත් මෙල්බර්න් නගරයේදීයි.

ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 25 ක්.

පවතින තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත කිහිපයකම නව සෞඛ්‍ය රෙගුලාසි හඳුන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ප්‍රාන්ත කිහිපයකම මුව ආවරණ පැළඳීම අනිවාර්යය වන අතර තැබෑරුම්වලදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ද නිකුත් කර තිබෙනවා.

(Neth)